මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ කොධිඨාශයේ මාලිම්බඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. උතුරින් අකුරැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද, දකුණින් තිහගොඩ හා මාතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, නැගෙනහිරින් නිල්වලා නදියෙන්ද, බටහිරින් වැලිගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් දල මෙම බල ප්‍රදේශය පිහිටා ඇත. මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොධිඨාශ බල ප්‍රදේශයත් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයත් එකම සිමා වලින් මායිම් ඇත. බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මි. 44.7 කි. මෙම බල ප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් 29 ක් පිහිටා ඇත.
මාලිම්ඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනගහනය 40439 කි. පුරුෂයන් 19343 කි. ස්ත්‍රින් 21096 කි. ජාතින් වශයෙන් සිංහල මුස්ලිම් ප්‍රධාන වශයෙන් ජිවත් මේ. ආගම් අනුවද බෞද්ධ හා ඉස්ලාම් භක්තිකයන් මෙම ප්‍රදේශයේ ජිවත් මේ. ආගමික ජනගහනය අනුව බලන විටදි 97.97% බෞද්ධයන් වන අතර 0.18% ක්‍රිස්තියානි භක්තිකයෝ වෙති. කොධිඨාශයේ වැඩිම ජනගහනය දක්නට ලැඛෙන්නේ කිරිමැටිමුල්ල දකුණ ග්‍රාම නිළධාරි වසෙමේ වන අතර අඩුම ජනගහනයක් ඇත්තේ නාපේ ග්‍රාම නිළධාරි වසම තුළය.
දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගං නිමිනයේ නැගී එන පුරවරය බවට පත් කිරීමේ සිහිනය මල්ඵල ගැන්වීම සඳහා වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීමට හැකිවීම පිළිබදව තිහගොඩ පුරවරයේ පළමු පුරවැසියා ලෙස ඉමහත් සතුටට පත්වෙමි.
එළබෙන සහස්‍රය ජය ගැනීමට නම් ආර්ථික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ගුණවගාව ද පෙරටු කරගනිමින් , සමාජීය සංස්කෘතික යන සියලු අංශ වල ශක්තිමත් බවක් වර්ධනය කරගත යුතු බව මාගේ ඒකායන හැඟීම වේ. එකී අභීප්‍රාය පෙරටු කරගනිමින් තාක්ෂණය හා අත්වැල් බැඳගනිමින් නවමු මගක් කරා යොමු වෙමින් ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීම වඩාත් වැදගත් වේ. ඒ සඳහා යන ගමනේ ඉදිරි පියවරක් වශයෙන් අපගේ කාර්යක්ෂම හා ඵලදායී සේවාවේ සුවිශේෂී බව ප්‍රජාවට පසක් කර දෙමින් ඔවුන් සමග අත්වැල් බැඳ ගනිමින් අපගේ සේවාව පුළුල් කර ගැනීම අරමුණූ කරගනිමින් අපගේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කෙරේ.
රටේ පවතින වර්තමාන තත්වය හමුවේද අප ප්‍රදේශයේ ජනතාව වෙත සහන ලබාදීමේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක අතර එවැනි තත්වයන් සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන මූල්‍යමය පසුබිම සකස් කර ගෙන ඇත.මෙම සංවර්ධන ක්‍රියාදාමයට සහයෝගය ලබා දෙන ගරු මන්ත්‍රී මණ්ඩලයට ද ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටද මාගේ අවංක ස්තූතිය පුදකර සිටින සේම ඉදිරි වර්ෂයන් ද සෞභාග්‍යමත් වර්ෂයන් ලෙස භෞතික සම්පත් සංවර්ධන මෙන්ම මානව සම්පත් වර්ධනය තුළින් ප්‍රාදේශීය සංවර්ධනයේ මුදුන්පෙතක් කරා රැගෙන යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
එස්.ඒ.පී.ඩබ්.ජයසේකර
සභාපති
තිහගොඩ ප්‍රාදේශීය සභාව
තාක්‍ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලනය හා මහජනයා අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති කිරීමට මෙන්ම මනා කාර්යක්‍ෂමතාවයකින් යුතු ජනතා සේවයක් ඉටු කිරීමට තිහගොඩ ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය සභාවේ නිලධාරීන්ට මෙන්ම පුරවැසි ජනතාවට ද සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවන අයුරින් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙමි.
පුරවැසි ජනතාවට වරිපනම් බදු ගෙවීම, නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා ගැනීම, අනුබෙදුම් අයදුම්පත් අනුමත කිරීම සහ සභාවෙන් ලැබිය යුතු සේවාවන් සඳහා අයදුම්පත් බාගත කිරීම, මාර්ගගතව පැමිණිලි යොමු කිරීම,අදාළ සේවාවන් සිදු කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැලීම් සටහන් මගින් විස්තරාත්මකව සපයා ගැනීමට ද මෙම වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා දී ඇත.
තිහගොඩ ප්‍රාදේශීය සභාව මඟින් සපයන සේවාවන් ලබා ගැනීමට කාර්යාලය වෙත පැමිණිම වෙනුවට e – තාක්ෂණය මගින් අවශ්‍ය සියළුම සේවාවන් තම නිවසේ සිට ලබා ගනිමින් ප්‍රාදේශීය සභාව ගමට ගෙන යන වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත. ඒ තුලින් ජනතාවට ශ්‍රමය, ධනය හා කාලය ඉතිරි කර ගනිමින් ඉතා කඩිනමින් සේවාවන් ලබා දීමට තිහගොඩ ප්‍රාදේශීය සභාව ජනතාවට සමීතම රාජ්‍යය ආයතනය වශයෙන් අප, වර්තමාන හා අනාගත පරපුරට සරිලන ආකාරයෙන් තිරසාර ලෙස සෑම පැතිකඩකින්ම විශිෂ්ඨ තත්වයට පත්වීම සඳහා තිහගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දේශපාලන නායකත්වය හා මා සමඟ මාගේ සමස්ථ කාර්ය මණ්ඩලය සෑම විටම කැප වී කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරමි.
පළාත් පාලන ආයතනයක් තුලින් ජනතාවට ඉටුවිය යුතු සියළුම කාර්ය කර්තව්‍යයන් නිසි ලෙස කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමෙන් ඉදිරි වර්ෂයන් තුල දිවයිනේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනයක් ලෙස පත් වෙමින්, තිහගොඩ ප්‍රාදේශීය සභාව මඟින් කුමන හෝ සේවාවක් අපේක්ෂා කරන තිහගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහෝදර ජනතාවට මෙන්ම තිහගොඩ සභා බල ප්‍රදේශයට දිනපතා පැමිණෙන දහස් ගණනක් වන ජනතාවටත් සෞඛ්‍ය සම්පන්න, පොදු පහසුකම් වලින් පුර්ණ සුවදායි පරිසරයක් නිර්මාණය කිරිමේ අපේක්ෂා මල්ඵල ගැන්වීමට මා සමඟ අපගේ සමස්ථ කාර්ය මණ්ඩලය කැපවී කටයුතු කිරීමේදී එම ඉලක්ක සපුරා ගැනිමට තිහගොඩ ප්‍රාදේශීය සභාව සමග සෑම කාර්යයකදීම අදහස්, යෝජනා හා චෝදනා ඉදිරිපත් කරමින් අප සමග එක්ව කටයුතු කිරීමට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමි.
එම්.ටී.එච්.ජී.නිහාරි
ලේකම්
තිහගොඩ ප්‍රාදේශීය සභාව
December 11, 2024
December 11, 2024
December 11, 2024
December 11, 2024
හේනවත්ත නිවාස සංකීර්ණය පාර
තිහගොඩ
සඳුදා සිට සිකු: 08:00 – 06.00