කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය.
කාබනික ද්‍රව්‍ය යනු ශාක කොටස් හෝ සත්ත්ව අපද්‍රව්‍ය වේ. කාබනික පොහොර ලෙස හදුන්වනු ලබන්නේ බෝග නිෂ්පාදනයට කාබනික ද්‍රව්‍ය යොදා ගන්නා අවස්ථා වලදී වේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු කරනු ලබන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින්ගේ කි‍්‍රයාකාරිත්වය මඟින් සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමයි. කාබනික පොහොර ලෙස ක්රමාණුකූලව නිෂ්පාදනය කරන ලද කාබනික ද්‍රව්‍ය බෝග වගාවේදී හා කාබනික පොහොර වාණිජකරණයේදී වැදගත්ය. එනම් කොම්පෝස්ට් දිරාපත් වු තත්වයේ පවතින අතර ඒවා බෝගවලට කෙලින්ම භාවිතා කල හැකි අතර ශාක වර්ධනයට ඉතා ඉක්මනින් ප්‍රයෝජනයට ගත හැකිවේ. එසේම වාණිජ කරණයේදී කාබනික පොහොර යනු කාබනික අපද්‍රව්‍ය සදහා අගය එකතු කිරීමක් ලෙස හැදින්විය හැකිය.
ස්වභාවික කාබනික පොහොරක පණුපස් ශාක දිරාපත් වූ මුහුදු පැලෑටි කාණු ආදියේ එකතු වු අපද්‍රව්‍ය කුණු හා සත්ව අපද්‍රව්‍ය ආදී දේ එකතු එකතුවෙන් සාදයි. ශාකමය පොහොර බෝගයන්ද පසට පෝෂණයක් එක් කරයි. ස්වාභාවික ඛණිජ දුව්‍යයක් වන පතල් ගල් වැටි ආශ්රිත පොස්පේට්, පොටෑෂ් හි ඇති සල්පේට් හා හුණු ගල්ද කාබනික පොහොර ලෙස හැඳින්විය හැක.

ප්‍රාදේශීය සභාව වෙතින් නිෂ්පාදනය කරන කාබනික පොහොර ඔබට ලබා ගත හැක




ව්‍යාපෘතියේ අරමුණු
- ❋ බෝග එලදායිතාවය වැඩි කිරීම
- ❋ කාබනික ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීම.
- ❋ රසායනික පොහොර ආනයනය අඩු කිරීම.
- ❋ පරිසර දුෂණය අවම කිරීම.
- ❋ මහ පරිමාණ, මධ්‍යම පරිමාණ හා කුඩා පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදනය වැඩි කිරීම.
- ❋ ප්‍රමිතියෙන් යුතු කොම්පෝස්ට් නිෂ්පාදනය ප්‍රචලිත කිරීම.
- ❋ නිවැරදි තාක්ෂණික ක්‍රම මගින් තත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනය.
- ❋ ශ්‍රී‍්‍ර ලංකා වගා පස දියුණු කිරීම හා තිරසාර ලෙස පවත්වා ගෙන යාම.
- ❋ රසායනික පොහොර ආනයනය හා භාවිතය අඩු කිරීම.
- ❋ කොම්පෝස්ට් අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම.
- ❋ වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදන කරුවන්ගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.